Tuesday, December 8, 2009

3Ds Max වල මූලික තිරය හදුනාගනිමු

3Ds Max වලින් ‍කරන නිර්මාණ කිහිපයක් හදන විදිහ කියලා දුන්නත් 3Ds Max වලට නවකයන්ට මේ ගෙන වැඩිය තේරුණෙ නෑ කියලා මට හිතුන හින්දා 3Ds Max වලට නවකයන්ට 3Ds Max මුලික තිරය ‍ගෙන සවිස්තරාත්මකව කියා දෙන්න මම හිතුවා. ඉස්රහට සරල 3ds Max පාඩම්ද කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ ගෙන ඔබගේ අදහස් දාන්න.


සැලිකිය යුතුයි - 3ds max 7 ස්ථාපනය කරගැනීමේදී ගැටළු තියෙනවා නම් Comments දාන්න. ඒ ගෙන මම කියලා දෙන්නම්.


හොදයි එහෙනම් පටන් ගමු. මුලින්ම Desktop එකේ තියෙන Sort Cut එකෙන් හරි Start—All programs—discreet -- 3ds max 7--3ds max 7 කියන Path එකෙන් හරි 3ds max විවෘත කරගන්න. (මම පාවිච්චි කරන්නේ 3ds max 7 Version එක ඔයාලා මොන Version එක පාවිච්චි කෙරුවත් ප්‍රශ්නයක් නැහැ)

පහත පීන්තුරය බලන්න. ටික වෙලාවකින් 3ds max විවෘත වෙයි






හොදයි දැන් පහත පීන්තූරයේ තියෙන්නේ මුලික තිරය (පෙන්නේ නැත්නම් ක්ලික් කරලා විශාල කරලා බලන්න.)

හොදයි දැන් ඒවා එකින් එක හදුනාගනිමු

Menu Bar - අනෙක් මෘදුකාංග වගේම තියෙන අංගයකි. File, Edit , view ආදි මේනු වලින් සමන්විතය

Standard tool Bar - 3ds max වල ප්‍රධාන ටූල් බාර් එක වේ. 3ds max වලින් යම් නිර්මාණයක් කිරීමේදී අතවශ්‍යයම ටූල්ස් මෙහි දක්නට ඇත. මේ ටූල් පිළිබදව එකින් එක පිළිබදව සවිස්තරාත්මක විස්තරයක් ඊලග ලිපියෙන් බලාපොරොත්තු වන්න.

Command Panels - මෙම තීරුව Create , Modify, Hierarchy , Motion , Display , Utilities යන කොටු වලින් සමන්විත වේ.

View Port Navigation Controls - මෙම තිරුව මගින් කරන්නේ View Port අපට අවශ්‍ය්‍ය පරිදි පාලනය කිරීමයි උදාහරණයක් විදිහට View Port විශාල කිරීම (Zoom ) සදහන් කරන්න පුළුවන්

Time Controls - මේ Controls වලින් කරන්නේ සජීවීකරණය කීරීම‍ට හා රුප රාමු පාලනය කිරීමයි.

Time Line - කරනු ලබන නිර්මාණවල කාලය නිර්මාණය කරන්නේ මෙමගිනි.මෙය 0 සිට 100 දක්වා කොටස් 10 කට බෙදා ඇත.

Time slider - Time Line එකේ විවිධ ස්ථාන වලට යෑම සදහා මෙය භාවිතා කරයි.

ඉහත දැක්වු 3ds max මුලික තිරයේ කොටස් ගෙන සව්ස්තරාත්මක විස්තරයක් ඊලග ලිපියෙන් බලාපොරොත්තු වන්න


4 comments:

ගීතික බුලත්සිංහල said...

හොදයි,අනිත් පෝස්ට් ටිකත් පිළිවෙලට ගන්න

Kasun Nadeeshana said...

ප්‍රතිචාර වලට ස්තුතියි

දුකා said...

WOOOOOOOW
මේ මම කාලයක් ඉගෙන ගන්න ඕන කියලා හිත හිත ඉන්න සොෆ්ට්වෙයාර් එකක්. නිවාඩු පාඩු වෙලාවක ඔක්කෝම ටික කියවන්න ඕන . . අදයි දැක්කේ මේක

Kasun Nadeeshana said...

@ දුකා
Blog එක බලලා ප්‍රතිචාර දැම්මට ස්තුතියි
ආයිත් දවසක එන්න.

Post a Comment

ප්‍රතිචාරයක් සටහන් කරලාම යන්න. හොද නරක අඩුපාඩු ඕන එකක්

Page Rank