Friday, December 11, 2009

3Ds Max වල මූලික තිරය හදුනාගනිමු - දෙවන කොටස-Part II

කලින් ලිපියෙන් අපි 3ds Max වල මූලික තිරයේ ප්‍රධාන කොටස් කිහිපයක් හදුනා ගත්තා ඒ කොටස් පිළිබද සවිස්තරාත්මකව අද කියලා දෙන්නම්. පලමුවෙන්ම 3ds Max වල Menu Bar එකේ අතවශ්‍යය කොටස් කිහිපයක් හදුනා ගමු ඉතිරි ඒවා පාඩමුත් එක්ක කියලා දෙන්නම්. හරි පටන් ගමු :-)


පලමුව අතවශ්‍යම කොටස් කිහිපයකට අවධානය යොමු කරමු.


File Menu එක


New - මෙයින් සිදු කරන්නේ අනෙක් මෘදුකාංග වගේම අළුත් Poject එකක් ගැනීමයි. 3ds max වල නම් අළුත් scenes එකක්


Reset - මෙයින් සිදු කරන්නේ 3ds max වල අප කරන ලද වෙනස් කම් සියල්ල මුල් තත්වයට පත් කර අළුත් scenes ගැනීමයි


Open - මේකෙන් කරන්නේ කලින් නිර්මාණය කරගත් Poject එකක් එහෙමත් නැත්නම් scenes එකක් විවෘත කිරීමයි


Save - මේකෙන් කරන්නේ නිර්මාණය කරගත් scenes එකක් පරිගණකයේ Save කිරීමයි. ඒවා Save වෙන්නේ .Max කියන file Format එකකට.


Edit Menu එක


Undo - අවසන් වරට කරන ලද වෙනස්කම අවලංගු කිරීම.


Redo- Undo කරන ලද වෙනස්කම නැවත සිදු කිරීම.


Delete- තෝරන ලද වස්තුව (Obeject) මකා දැමීම.


Select All - වස්තූන් (Obeject) සියල්ල තේරීම.


Group Menu එක


Group - වස්තූන් (Obeject) කිහිපයක් Group කිරීමට


UnGroup - Group කරන ලද Group වෙන් කිරීමට


Create Menu එක


3ds max භාවිතා කර යම් නිර්මාණයක් කිරීමේදී භාවිතා කරන විවිධ ජ්‍යාමිතික හැඩතල( වස්තූන්) නිර්මාණය කිරීමට මෙම Menu එක භාවිතා කරයි. එම වස්තූන් විවිධ මාතෘකා වලට වෙන් කර ඇත.



Render Menu එක


Render - 3ds max වලින් Out Put එකක් ලබා ගැනීමට


Environment - 3ds max වල පසුබිම් නිර්මාණය විවිධ Effect සදහා භවිතා කරයි


ඉහත විස්තර කරන ලද්දේ 3ds max වල Menu Bar එකේ අතවශ්‍යය අංග කිහිපයක් පමණි. ඉතිරි අංග ඉදිරියේදී නිර්මාණයන් කරන විට පැහැදිල් කරනු ඇත.:-)


දැන් Standard tool Barඑකේ ප්‍රධාන tool කිහිපයක් හදුනා ගනිමු. මෙහි සෑම tool එකක්ම දර්ශනය නොවේ නොපෙනන tool බලා ගැනීම සදහා Standard tool Bar එකේ tool දෙකක් වෙන් වන ස්ථානයකට මවුසය ගෙන යන්න. දැන් මවුස් පොයින්ට් එක අතක Handසලකුණකට මාරු වේ දැන් මවුසය ක්ලික් කරගෙනම වටම අදින්න. එවිට සැගවී ඇති tool දර්ශනය වනු ඇත. :-)


දැන් tools හදුනා ගමු


Undo Redo- Undo සහ Redo tool (මෙවයින් සිදු කරන දේ ඉහත සදහන් කර ඇත.)


img5 - select Object tool - Object තෙරීම සදහා භාවිතා කරයි.


img6 - select Bye object tool - Object තෙරීම සදහා භාවිතා කරයි.- Object එකේ නම භාවිතායෙන් තොරා ගනී.


img7 - select & Move tool - Object තෙරීම සහ Object එහා මෙහා කිරීමට භාවිතා කරයි.


img8 - select & Rotate - Object තෙරීම සහ හැරවීමට යොදාගනී.


img9 - select & Uniform Scale tool - Object තෙරීම සහ විශාල සහ කුඩා කිරීමට භාවිතා කරයි.


img10 - Martirial Editor - Martirial Editor Window එක ලබා ගැනීමට භාවිතා කරයි.


img11 - Render scenes dialog - Render scenes dialog එක දර්ශනය කරයි.


img12 - Quick Render - Quick Render එකක් එනම් preview එකක් ලබා ගැනීමට භාවිතා කරයි.




Command Panels,View Port Navigation Controls,Time Controls,Time Line හා Time slider එක පිළිබදව ඊලග ලිපියෙන් හදුන්වා දෙන්නම්.B) ගැටළු ඇත්නම් ප්‍රතිචාර වලට එක් කරන්න.:-D






No comments:

Post a Comment

ප්‍රතිචාරයක් සටහන් කරලාම යන්න. හොද නරක අඩුපාඩු ඕන එකක්

Page Rank