Monday, December 7, 2009

3Ds Max භාවිතයෙන් පන්දුවක් විකට්ටුවට වදින දර්ශනයක් නිර්මාණය කිරීම - II කොටස

කලින් සැදු ක්‍රිකට් පිටියට Animation එක් කරන අකාරය දැන් බලමු

මුලින්ම ‍ පන්දුව (Sphere) select කරගන්න Move tool එ‍ක පාවිච්චි කරලා පන්දුව (Sphere) එක ටිකක් උඩට ගන්න ( Y අක්ෂයෙන්) ඊට පස්සේ X අක්ෂයෙන්

පොඩ්ඩක් පස්සට ගන්න ඒ කියන්නේ පිටිපස්සේ විකට් පොලු වලට වඩා ඉහලින් සහ පිටිපස්සෙන්

පල්ලෙහා පීන්තුරය බලන්න


දැන් Front view එකට ගොස් පන්දුව (Sphere) select කර සිටින විටම තිරයේ පහලම ඇති Auto key බට්න් එක (පහල රෑපයේ රතු පාටින් තියෙන) click කරන්න.


එතකොට Auto key බට්න් එක රතුපාට වෙයි.


දැන් Time Line එක ‍frame 40 දක්වා ඇදගෙන යන්න නැත්තම් Auto key බට්න් එකට එහා පැත්තේ තියෙන බොක්ස් එකේ 40 type කර Enter කරන්න




දැන් Move tool එ‍ක අරගෙන බෝලය පල්ලෙහා රුපයේ වගේ පිහිටීමකට ගන්න



ඊට පස්සේ Time Line එක frame 50 ට අරගෙන

බෝලය පල්ලෙහා රුපයේ වගේ පිහිටීමකට ගන්න .ඒ කියන්නේ බෝලය විකට් පොල්ලට වැදෙන අවස්ථාවට.



දැන් Time Line එක දිහා බලන්න ඒකේ 40 සහ 50 කියන frame වල රතු පාට කොටස් දෙකක් තියෙනවා ඒවා Key ලෙස හදුන්වනු ලබනවා.


දැන් Auto key බට්න් එක Inactive කරලා (එක වරක් ක්ලික් කරන්න)Time Line එකේ කෙලවර තියෙන Play බට්න් එක ඔබන්න

දැන් බෝලය විකට් එකේ වදිනවා පේනවා

දැන් විකට් පොලු වැටෙන අකාරය නිර්මාණය කරමු.

දැන් Time Line එක 50 frame එකට අරගෙන Auto key බටන් එක Active කරලා විකටු පොලුවල මැද Stamp එක(Cylinder02) select කරලා Standard tool bar එකේ select and Rotec tool එක Right ක්ලික් කරන්න.



දැන් එන ඩයලොක් බොක්ස් එකේ Y වල -05 ටයිප් කරලා එන්ටර් කරන්න.දැන් ආයිමත් 0.00 ටයිප් කරලා එන්ටර් කරන්න Time Line එක බලන්න 0 හා 51 දි Key දෙකක් නිර්මාණය වෙලා තියේවී නමුත් -05 ටයිප් කරලා 0.00 ටයිප් කරපු හින්දා ඇනිමේෂන් එකක් වෙන්නේ නැහැ එනම් හිස් Key එකක් නමුත් එය අපගේ නිර්මාණයට අත්‍යවශයි.


නමුත් 0Key අවශ්‍යය වන්නේ නැහැ එම නිසා ඒක 0 ‍ Key උඩ ක්ලික් කරලා සිලේක්ට් කරලා Key board එකේ Delete කී එක ඔබන්න





දැන් ඩයලොක් බොක්ස් එක close කරලා 60 frame ගෙනිහිල්ලා නැවතත් Standard tool bar එකේ select and Rotec tool එක Right ක්ලික් කරන්න. දැන් Y වල -37 ටයිප් කරලා එන්ටර් කරන්න.

දැන් Auto key බට්න් එක Inactive කර

ලා Play බට්න් එක ඔබන්න

බෝලය වැදිලා middle Stamp එක වැටෙනවා නිර්මාණය වී තියෙනවා. අනෙක් විකට් පොලු දෙකටත් ඇනිමේෂන් එකක් දෙන්න. බේල් වලටත් එසේම සිදු කරන්න .

පහත පීන්තූරයේ දැක්වෙන්නේ එහෙම කරලා හදලා Render Out Put ගත්තහම ලැබෙන දර්ශනය Frame 4 කින්.



මෙම නිර්ම‍ාණය video file කරගන්න අකාරය ඊලග ලිපියෙන් කියලා දෙන්නම්. මේකේ ගැටුලු තියෙනවා නම් අදහස් පහලින් ලියන්න.


No comments:

Post a Comment

ප්‍රතිචාරයක් සටහන් කරලාම යන්න. හොද නරක අඩුපාඩු ඕන එකක්

Page Rank