Wednesday, November 18, 2009

3Ds Max සිංහලෙන් - Rending Out put- 3ds Max

Rending table-3ds max

ඉස්සෙල්ලා හදගත්තු මේසය Open කරගන්න. Perspective View එකෙහි සිටියදී Rending මෙනු එකෙන් Render තොරන්න. නැත්තම් කී බෝඩ් එකේ F10 ඔබන්න. දැන් Render scene ඩයලොග් බොක්ස් එක දිස් වේ.


එකෙහි Output Size එකෙන් 800*600 තොරාගන්න.

එහි පහලින්ම ඇති Render Output යටතේ ඇති ඇති Files ය‍න්න ක්ලික් කරන්න. දැන් පැමිණෙන Render Out ඩයලොග් බොක්ස් එකෙන් Output එක Save කරගත යුතු ස්ථානය තෝරා දෙන්න. එහි ‍File Name එක ලෙස කැමති නමකුත් Save As type යන්නට JPEG යන්නත් තොරා Save කරන්න.දැන් පැමිණෙන ඩයලොග් බොක්ස් එකෙන් Output එකේ Quality එක කැමති අගයක් දමා Ok කරන්න.(මෙයින් උපරිම Quality එක තෙරීම වඩා සුදුසු වේ.)



දැන් Render scene ඩය‍ෙලාග් බොක්ස් එකේ පහල ඇති Render Button එක ඔබන්න.

දැන් Out put එක Save කරගත් ස්ථානයට ගොස් බලන්න. හදගත් මේසයේ Out put එකක්
JPEG පීන්තූරයක් ලෙස ලැබී ඇත.



3d s Max වලට Camera එකක් එකතු කරගන්නා අකාරය හා වීඩීයෝ එකක් ලෙස Out put එකක් ලබා ගන්නා අකාරය ඉදිරියේ දී බලාපොරොත්තු වන්න.

Wednesday, November 11, 2009

3Ds Max සිංහලෙන් -Lighting to table


3D Studio Max


පලමුවෙනම 3ds max වෙත පිවිස ඉස්සෙල්ලා හැදුව මේසය විවෘත කරගන්න. අපි හදන්නේ දැන් ඒකට Lighting යොදන්න. පළමුවෙන්ම දකුණු පැත්තෙ ඇති පැනල් එ

කෙන් Standard primitives වලින් plane යන්න තොරාගෙන Top view එක මත plane එකක් ඇද ගන්න. එකේ Parameters පහත පරිදි වෙනස් කරගන්න.

Length - 2485

Width - 2485

දැන් ‍Plane object එක move tool එකෙන් පොඩ්ඩක් පහලට කරගන්න. Arc rotate tools එකෙන් පොඩඩක් පහල පීන්තුරය වගේ view port

එක හදා ගන්න.

ඊට පස්සෙ දකුණු පස ඇති create පැනලයෙන් Lights න්න ක්ලික් කරන්න . එතකොට විවිධාකාර Lights වර්ග දැක්වෙනු ඇත. එයින් Omni යන Light එක Top view

ක මත ඇද ගන්න. move tool එක Right click කර ලැබෙන ඩයලොග් බොක්ස් එකෙහි පහත අගයන් ඇතුල් කරන්න.

දැන් Omni Lights එක select කර දකුණු පස ඇති පැනලයෙන් Modify යන්න් ක්ලික් කරන්න පහලින් shadow යන්න යටතේ ඇති check box එ‍කෙහි හරි ලකුණ යෙදන්න.

දැන් F9 key එක ඔබන්න.

නමුත් මේසයේ හෙවනැල්ල පැහැදිලිව දකින්නට නැහැ. එම නිසා තවත් Omni Light එකක් නිර්මාණය කරගන්න. එහි පිහිටීම move tool එක Right click කර ලැබෙන බොක්ස් එකෙහි පහත අගයන් දැමීමෙන් වෙනස් කරගන්න.

දැන් F9 key එක ඔබා Quick Render කර බලන්න. පල්ලෙහා පීන්තුරයෙ වගේ මේසයක් ලැබී තිබෙනු ඇත.


Monday, November 9, 2009

3Ds Max සිංහලෙන් -Adding Martial to the Table-3ds max


මැටීරියල්
(Martial ) Addකිරීම.

කලින් සදාගත්මේසයකට මැටීරියල් එකක් Add කරමු. ඒ සදහා මේසයකට සුදුසු Image එකක් photoshop අධාරයෙන් හෝ එවැනි

එකක් සාදාගත යුතුය. එම Image එක 640*480 ප්‍රමාණයේ එකක් විය යුතුය. පහලින් පෙන්නේ ම‍ං හදා ගත්තු Image එක .

දැන් 3d s Max වලින් හදාගත්තු මේසය Open කරගන්න.

දැන් දකුණු පැත්තේ ඇති පැනල් එකෙන් selection යන්න යටතේ ඇති Polygon (රතු හතරැස් පහැති කොටුව) යන්න තෝරා ගන්න. දැන් මේසයේ උඩ කොටසේ ඇති පොලිගන් සියල්ල තෝරාගන්න මේ

කට Ctrl key එක පාවිච්චි කරන්න පුළුවන්






හරි දැන් 3ds max වල මෙනු බාර් එකේ Rendering වල Material Editor යන්න තෝරා ගන්න. නැත්තම් කී බෝඩ් එකේ M අකුර ඔබන්න. දැන් ඩයලොග් බොක්ස් එකක් දිස් වේවි.

එකේන් පලවෙන් ගෝලය තෝරලා Diffuse කියන තැන ඉස්සරහා තියෙන පොඩි කොටුව click කරන්න.










දැන් එන ඩයලොග් බොක්ස් එකේ Bitmap කියන එක ඩබල් ක්ලික් කරන්න. එකෙන් අර කලින් සදාගත්තු Image එක තෝරලා දෙන්න.











දැන් Assign to selection කියන එක ක්ලික් කරන්න












දැන් මේසයේ කකුල් ද ඉහත අකාරයට select කරගන්න නැවතත් M අකුර ඔබලා Material Editor වලට ගිහිල්ල දෙවැනි ගෝලය තෝරලා Diffuse කියන තැන ඉස්සරහා තියෙන සෘජුකොණාස්‍ර කොටුව ක්ලික් කරලා දුඹුරු පාට වර්ණයක් තොර්ලා Assign කරගන්න.

දැන් Material Editor ඩයලොග් බොක්ස් එක CLOSE කරලා F9 ඔබලා බලන්න.



ඔය තියෙන්නෙ මේසේ Maxa එකට. මේකට තව වැඩ දාන හැටි ඉස්සහරට කියලා දෙන්නම්

Sunday, November 8, 2009

3Ds Max සිංහලෙන්-Modeling a Table


3D s Max වලින් මේසයක අකෘතියක් සෑදීම. Modeling

පළමුවෙන්ම දකුණු පැත්තෙ ඇති පැනල් එකෙන් Standard primitives වලින් Box යන්න තොරාගෙන Top view එක මත Box එකක් ඇද ගන්න.එකේ primitives පහත පරිදි වෙනස් කරගන්න.

රුපය 1


ඉන් පසුව ‍ Box එක මත Right click කර convert to යන්නෙන් Editable poly යන්න තොරාන්න.

රු 2

දැන් දකුණු පැත්තේ ඇති පැනල් එකෙන් selection යන්න යටතේ ඇති Polygon (රතු හතරැස් පහැති කොටුව) යන්න තෝරා ගන්න. දැන් preparative view එකට ගොස් Arc rotate tools එක මගින් Box එක යට පැත්ත හරවා පහත රූපයේ පරිදි එක් පොලිගනයක් select කර ctrl key එක press කරගෙනම රූපයේ පරිදි අනෙක් පොලිගන් 3 ද selectකර ගන්න.

රැ3

දැන් දකුණු පස ඇති පැනල් එකෙහි Edit polygon යටතේ ඇති Extrude යන්න තෝරා ගන්න.

දැන් රතු පැහැයෙන් ඇති පොලිගනයක් මතට මවුසය ගෙන යන්න. එවිට මවුස් පොයින්ටරය වෙනස් වේවි. දැන් එය click කරගෙනම මවුසය අත නොහැර පහලට අදින්න.

රැ4

දැන් මේසයක පෙනුමක් ලැබී ඇත.


3Ds Max සිංහලෙන්- 3D Studio Max -පීළිබද හැදින්වීම




ආයුබෝවන් !

මෙම ‍‍බේලොක් සයිඩ් එක මගින් 3D Studio Max මාදුකාංගය භාවිතා කර කරනු ලබන නිර්මාණ පිළිබද දැනගත හැකිය. මෙහි ඔබට වැදගත් දෙයක් ඇතැයි මා සිතමි. මේ පිළිබද ඔබේ අදහස් හා අඩුපාඩු පහතින් එක් කරන්න.

Introduction to 3D Studio Max - 3D Studio Max පීළිබද හැදින්වීම

3ds Max යනු ලොව ප්‍රමුඛ පෙලේ ත්‍රිමාණ ග්‍රැපික් මෘදුකාගයක් වේ .වෙළෙද දැන්වීම් , රූපවාහිනී වැඩසටහන් හා ත්‍රිමාන සජිවීකරණ චිත්‍රපට සෑදීමට මෙම මෘදුකාංගය භාවිතා වේ මෙයින් සිදු කරන නිර්මාණ ඉතාමත් තාත්විකව නිර්මාණය කිරීමට මෙම මෘදුකාංගය සහය දක්වනු ලබයි.

ලෝක ප්‍රසිද්ධ Day After tomorrow , X-men වැනි චිත්‍රපට නිර්මාණය කිරීමටද මෙම මෘදුකාංගය යොදා ගෙන ඇත.

3ds Max මගින් යම් නිර්මාණයක් කිරීමේදී එය ප්‍රධාන වශයෙන් කොටස් කිහිපටකට සුදු කල යුතුය.ඒවා පහතදැක්වේ.

Modeling - මූලික හැඩතල වලින් නිර්මානයේ අකෘතිය ගොඩ නගා ගැනීම.මෙයින් අදහස් වේ


Material Editing - නිර්මාණයට යම් තාත්වික බවක් එන අකාරයට විවිධTexturing වර්ග එක් කිරීම.බොහෝවිට මෙයට වෙනත් Graphic Editing මෘදුකාංගයක සහය ලබා ගැනීමට සිදු වේ

Lighting - නිර්මාණය අලෝකකරණය කිරීම. මෙයින් අදහස් වේ.


Animation - සජීවී කරනය කිරීම මෙයින් අදහස් වේ.

Rendering - සාදාගත් නිර්මාණයෙන් Out put එකක් ගැනීම මෙයින් අදහස් වේ.


දැන් 3ds max වල අතුරු මුහුණත හදුනා ගනිමු. පළමුව 3ds max විවෘත කරගන්න.


පහල රෑපය බලන්න. එහි අංක කර ඇති කොටස් එකිනෙක හදුනා ගනිමු.





අංක 1

මෙයින් දැක්වෙන්නේ මෙනු බාර් එකයි. මෙය වෙනත් මෘදුකංග වලද දක්නට ඇති අතර ගොනුවිවෘත කිරීම . සුරැකීම යන කාර්යන්ටද වෙනත් කාර්යායන් සදහාද භාවිතා වේ.

අංක 2

මෙය ප්‍රධාන මෙවලම් තීරුවයි (main tool bar) ප්‍රධාන වශයෙන් මෙය වස්තුන් එහාමෙහා කිරීමට (Move) කැරකවීමට (Rotate )විශාල හා කුඩා කිරීමට (Scale) හා වෙනත් බෝහෝ කාර්යන් සදහා භාවිතා කරයි.

අංක 3

මෙයින් දැක්වෙන්නේ View port වේ. ඔබ නිර්මාණය කරන වස්තුන් නිර්මාණය කරණුමේවා මත වේ. මූලික තිරයේ මේවා හතරක් වේ. මේවා Top view, Front , left , preparative නම් වේ. එකම වස්තුව පෙනෙන විවිධ පැති මේවායන් කියවේ.

අංක 4

මෙම පැනලයෙන් සිදු කරනු ලබන්නෙ මූලික ජ්‍යාමිතික හැඩතල නිර්මාණය කිරීම (Create) හා ඒවා වැඩිදියුණු( modify ) කිරීමයි, මෙහි පලමුවෙන්ම කුඩා ඊතලයකින්

දැක්වෙන “ Create” නම් කොටුවකි එහි මූලික ජ්‍යාමිතික හැඩතල විවිධ කැටගරීස් වලට බෙදා දක්වා ඇත.

අංක 5

මෙයින් දැක්වෙන්නේ View port පාලනය කලහැකි විවිධ ටූල්ය ඉහලින් දැක්වෙන්නේ අප විසින් සාදාගත් සජීවීකරණය Play කිරීමට , Stop කිරීමට, Rewind කිරීමට් යන එවායින් සමන්විත ටූලස් වේ.ඊට පහලින් දැක්වෙන්නේ View port එහා මෙහ‍ා කිරීමට View port Rotate කිරීම හා විශාල හා කුඩා කිරීමට භාවිතා වන ටූලස් වේ.

අංක 6

මෙය Time Line එක ලෙස හැදිනවේ . සාදාගත් සජීවීකරණයවල එහා මෙහා යෑමට මෙය .භාවිතා කර

පළමුව ප්‍රධාන පියවරවල් කිහිපය වෙනම වෙනම උදාහරණ සහිතව හදුනා ගනිමු.

(උදාහරණ සදහා පහත ලිනක් වල ක්ලික් කරන්න)

1. Modeling - මූලික හැඩතල මගින් මේසයක අකෘතියක් නිර්මාණය කිරීම.

2. Material Editing - මේසයේ අකෘතිය සදහා මැටීරියල් එකතු කිරීම.

3. Lighting - මේසයේ අකෘතිය සදහා ලයිට් එක් කිරීම

4. Animation -

5. Rendering - මේසයේ අකෘතිය මගින් Output එකක් ලබා ගැනීම.

Page Rank