Showing posts with label Rendering. Show all posts
Showing posts with label Rendering. Show all posts

Tuesday, December 8, 2009

3Ds Max වලින් නිර්මාණය කරපු නිර්මානයක් වීඩීයෝ දර්ශණයක් බවට පත් කරමු



මම මේ ගෙන පැහැදිලි කරලා දෙන්න පාචිච්චි කරන්නේ පෙර ලිපියෙන් නිර්මානය කරන ලද

පන්දුවක් විකට්ටුවට වදින දර්ශනය ‍ යි. ඒක හදා ගෙන නැත්නම් හදා ගන්න විදහ බලන්න

මෙතන ක්ලික් කරන්න.

හරි දැන් වැඩේ පටන් ගමු ඉස්සැල්ල හදපු scene එක open කරගන්න




මුලින්ම Menu Bar එකේ Rendering Menu එකෙන් Render කියන එක ක්ලික් කරන්න. නැතනම් කී බෝඩ් එකේ F10 ඔබන්න. දැන් Render Scene Dialog එක දිස් වේවි.




එකේ පහලම Render Out Put යටතේ ඇති Files කියන Button එක ක්ලික් කරන්න. ( Button එක පේන්නේ තැතනම් Mouse එක පහලට Scroll කරන්න) එතකොට Render Out Put කියලා Dialog ‍Box එකක් දිස් වෙයි.




එකෙන් video file එක Save කරගැනීමට අවශ්‍යය ස්ථානය තෝරන්න. File name සදහා කැමති නමකුත් Save As Type සදහා AVI File (*.avi) යන්න තෝරා දෙන්න. දැන් පැමිණෙන AVI file compression Setup Dialog Box එකේ key frame rate එකට 15 Type කරලා Ok කරන්න. (ඒ‍ෙකන් කියන්නේ තප්පරයට key frame කීයක් Play වෙන්න ඕනේද කියලා)





දැන් Render Scene Dialog එකේ ඉහලින්ම Common Parameters යටතේ ඇති Time Out Put එකේ Active Time segment කියන Radio Button එකට Tick එක දාන්න.





Render Scene Dialog එක ඉවත් නොකරම Perspective view එක Active කරන්න (Active කිරීම යනු වෙනත් View port එකක සිටින විට View port එක මත Right ක්ලික් කිරීමයි එවිට කහපැහැති ඉරි වලින් View port එක select වේ. පහල රෑපය බලන්න )





දැන් Render Button එක ක්ලික් කරන්න.





දැන් පහල පීන්තූරයේ වගේ Window එකක් දිස් වේවී. ඒක අවසන් වෙන්න ටික වෙලාවක් යයි.





එකේ Title එකේ Frame 100 දිස් වූ විට ඒක අවසන් වේවී. එහේම උනහම Window එක close කරන්න.




දැන් video file එක Save කරගත්ත තැන AVI File එකක් නිර්මාණය වී තිබේවී ‍. එය Video Player එකක් මගින් Play කරලා බලන්න



පහල video එක Play කරලා බලන්න. ඒ තියෙන්නේ මම හදා ගත්තු video එක








එහෙනම් ඊලග ලිපියෙන් හමුවෙමු.







Wednesday, November 18, 2009

3Ds Max සිංහලෙන් - Rending Out put- 3ds Max

Rending table-3ds max

ඉස්සෙල්ලා හදගත්තු මේසය Open කරගන්න. Perspective View එකෙහි සිටියදී Rending මෙනු එකෙන් Render තොරන්න. නැත්තම් කී බෝඩ් එකේ F10 ඔබන්න. දැන් Render scene ඩයලොග් බොක්ස් එක දිස් වේ.


එකෙහි Output Size එකෙන් 800*600 තොරාගන්න.

එහි පහලින්ම ඇති Render Output යටතේ ඇති ඇති Files ය‍න්න ක්ලික් කරන්න. දැන් පැමිණෙන Render Out ඩයලොග් බොක්ස් එකෙන් Output එක Save කරගත යුතු ස්ථානය තෝරා දෙන්න. එහි ‍File Name එක ලෙස කැමති නමකුත් Save As type යන්නට JPEG යන්නත් තොරා Save කරන්න.දැන් පැමිණෙන ඩයලොග් බොක්ස් එකෙන් Output එකේ Quality එක කැමති අගයක් දමා Ok කරන්න.(මෙයින් උපරිම Quality එක තෙරීම වඩා සුදුසු වේ.)



දැන් Render scene ඩය‍ෙලාග් බොක්ස් එකේ පහල ඇති Render Button එක ඔබන්න.

දැන් Out put එක Save කරගත් ස්ථානයට ගොස් බලන්න. හදගත් මේසයේ Out put එකක්
JPEG පීන්තූරයක් ලෙස ලැබී ඇත.



3d s Max වලට Camera එකක් එකතු කරගන්නා අකාරය හා වීඩීයෝ එකක් ලෙස Out put එකක් ලබා ගන්නා අකාරය ඉදිරියේ දී බලාපොරොත්තු වන්න.

Page Rank