Showing posts with label සම්පූර්ණ පාඩම්. Show all posts
Showing posts with label සම්පූර්ණ පාඩම්. Show all posts

Monday, December 7, 2009

3Ds Max භාවිතයෙන් පන්දුවක් විකට්ටුවට වදින දර්ශනයක් නිර්මාණය කිරීම - II කොටස

කලින් සැදු ක්‍රිකට් පිටියට Animation එක් කරන අකාරය දැන් බලමු

මුලින්ම ‍ පන්දුව (Sphere) select කරගන්න Move tool එ‍ක පාවිච්චි කරලා පන්දුව (Sphere) එක ටිකක් උඩට ගන්න ( Y අක්ෂයෙන්) ඊට පස්සේ X අක්ෂයෙන්

පොඩ්ඩක් පස්සට ගන්න ඒ කියන්නේ පිටිපස්සේ විකට් පොලු වලට වඩා ඉහලින් සහ පිටිපස්සෙන්

පල්ලෙහා පීන්තුරය බලන්න


දැන් Front view එකට ගොස් පන්දුව (Sphere) select කර සිටින විටම තිරයේ පහලම ඇති Auto key බට්න් එක (පහල රෑපයේ රතු පාටින් තියෙන) click කරන්න.


එතකොට Auto key බට්න් එක රතුපාට වෙයි.


දැන් Time Line එක ‍frame 40 දක්වා ඇදගෙන යන්න නැත්තම් Auto key බට්න් එකට එහා පැත්තේ තියෙන බොක්ස් එකේ 40 type කර Enter කරන්න




දැන් Move tool එ‍ක අරගෙන බෝලය පල්ලෙහා රුපයේ වගේ පිහිටීමකට ගන්න



ඊට පස්සේ Time Line එක frame 50 ට අරගෙන

බෝලය පල්ලෙහා රුපයේ වගේ පිහිටීමකට ගන්න .ඒ කියන්නේ බෝලය විකට් පොල්ලට වැදෙන අවස්ථාවට.



දැන් Time Line එක දිහා බලන්න ඒකේ 40 සහ 50 කියන frame වල රතු පාට කොටස් දෙකක් තියෙනවා ඒවා Key ලෙස හදුන්වනු ලබනවා.


දැන් Auto key බට්න් එක Inactive කරලා (එක වරක් ක්ලික් කරන්න)Time Line එකේ කෙලවර තියෙන Play බට්න් එක ඔබන්න

දැන් බෝලය විකට් එකේ වදිනවා පේනවා

දැන් විකට් පොලු වැටෙන අකාරය නිර්මාණය කරමු.

දැන් Time Line එක 50 frame එකට අරගෙන Auto key බටන් එක Active කරලා විකටු පොලුවල මැද Stamp එක(Cylinder02) select කරලා Standard tool bar එකේ select and Rotec tool එක Right ක්ලික් කරන්න.



දැන් එන ඩයලොක් බොක්ස් එකේ Y වල -05 ටයිප් කරලා එන්ටර් කරන්න.දැන් ආයිමත් 0.00 ටයිප් කරලා එන්ටර් කරන්න Time Line එක බලන්න 0 හා 51 දි Key දෙකක් නිර්මාණය වෙලා තියේවී නමුත් -05 ටයිප් කරලා 0.00 ටයිප් කරපු හින්දා ඇනිමේෂන් එකක් වෙන්නේ නැහැ එනම් හිස් Key එකක් නමුත් එය අපගේ නිර්මාණයට අත්‍යවශයි.


නමුත් 0Key අවශ්‍යය වන්නේ නැහැ එම නිසා ඒක 0 ‍ Key උඩ ක්ලික් කරලා සිලේක්ට් කරලා Key board එකේ Delete කී එක ඔබන්න





දැන් ඩයලොක් බොක්ස් එක close කරලා 60 frame ගෙනිහිල්ලා නැවතත් Standard tool bar එකේ select and Rotec tool එක Right ක්ලික් කරන්න. දැන් Y වල -37 ටයිප් කරලා එන්ටර් කරන්න.

දැන් Auto key බට්න් එක Inactive කර

ලා Play බට්න් එක ඔබන්න

බෝලය වැදිලා middle Stamp එක වැටෙනවා නිර්මාණය වී තියෙනවා. අනෙක් විකට් පොලු දෙකටත් ඇනිමේෂන් එකක් දෙන්න. බේල් වලටත් එසේම සිදු කරන්න .

පහත පීන්තූරයේ දැක්වෙන්නේ එහෙම කරලා හදලා Render Out Put ගත්තහම ලැබෙන දර්ශනය Frame 4 කින්.



මෙම නිර්ම‍ාණය video file කරගන්න අකාරය ඊලග ලිපියෙන් කියලා දෙන්නම්. මේකේ ගැටුලු තියෙනවා නම් අදහස් පහලින් ලියන්න.


Friday, December 4, 2009

3Ds Max භාවිතයෙන් පන්දුවක් විකට්ටුවට වදින දර්ශනයක් නිර්මාණය කිරීම -1 කොටස- 3Ds Max සිංහලෙන්-

3Ds Max භාවිතයෙන් පන්දුවක් විකට්ටුවට වදින දර්ශනයක් නිර්මාණය කිරීම

පළමුව 3Ds Max විවෘත කරගන්න ඉන් පසුව සදහා create -->stranded primitives--> Plane වලින් Plane එකක් Top view එක මත නිර්මාණය කරගන්න (මෙය සිදු කරන අකාරය Modaling වලදී සිදු කර ඇත) එහි Parameters පහත පරිද වෙනස් කරගන්න.

මෙම Plane Object එක අපගේ ක්‍රිකට් පිටිය ලෙස සිතන්න දැන් එහි පිච් එක නිර්මාණය කරගත යුතුය ඒ සදහා තව Plane Object එකක් Top view එක මත නිර්මාණය කරගන්න.
එකේ Parameters ගැලපෙන විදිහාට වෙනස් කරගන්න

ඒක පොඩ්ඩක් විතර ඉස්සල්ලා Plane Object එකට වඩා y අක්ෂයෙන් move කරගන්න මේ සදහා move tool එක පාවිච්චි කරන්න පුළුවන්.


දැන් විකට් පොලු නිර්මාණය කරලමු ඒ සදහා create --> stranded primitives--> Cylinder වලින් සිලින්ඩර් එකක් නිර්මාණය කරගන්න.එකේ Parameters පහත පරිදි වෙනස් කරගන්න




දැන් පිහිටීම පහත පරිදි හදා ගන්න




දැන් අනෙක් විකට් පොලු 2 සදහා Cylinder එකේ COPY දෙකක් ගමු ඒ සදහා Top view එකේ ඉදලා cylinder (විකට් පොල්ල) එක select කරලා Move tool එක අරගෙන කී බෝඩ් එකේ Sift key එක තද කරගෙන Y අක්ෂයෙන් අදින්න (දෙවැනි විකට් පොල්ල අවශ්‍ය තැනට එනකන්අදින්න) දැන් එන dialog Box එකේ Nubers of copies තියෙන තැන 2 දාලා OK කරන්න
පහල පින්තූරය බලන්න.





දැන් ප‍හත පීන්තූරය වගේ look එකක් එන්න ඕනේ




ඒවගේ අවේ නැත්නම් comments දාන්න.
දැන් cylinder 3 ම (විකට් පොලු 3 ම) select කරන්න (මේ සදහා Move tool එක අරගෙන ctrl key එක ඔබා ගෙනම select කරගන්න) දැන් Move tool එකෙන් Top view එකේම ඉදගෙන x අක්ෂය දිගේ Plane 2 එකේ කෙලවරට යන්කම් sift එක ඔබාගෙන Move කරගන්න. දැන් එන dialog Box එකේ Nubers of copies තියෙන තැන 1 දලා OK කරන්න.( cylinder 3 ම කොපියක් ගන්න)
දැන් මේ වගේ තියෙන්න ඕනේ


ඒවගේ අවේ නැත්නම් comments දාන්න.

දැන් create --> stranded primitives--> Sphere වලින් ගෝලයක් නිර්මාණය කරගන්න. එය අපගේ ක්‍රික‍්‍ට් පන්දුවයි.

දැන් බේල් ද cylinder යක් මගින් නිර්මාණය කරගෙන පහත පරිද ස්ථාන ගත කරන්න




ඉන් පසුව මෙම නිර්මාණයට Animation එක් කරන අකාරය මීලග ලිපියෙන් බ‍ලාපොරොත්තු වන්න. ගැටළු ඇත්නම් comments දාන්න.







Page Rank